ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද?
වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක් ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්, වැඩිහිටි නිවාසයක් තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ මනුෂ්‍ය ජීවිතය වසර 75ක් වැනි කෙටි කාලයක් තමයි ගත කරන්නේ. මේ කාලය කෙටිය කිව්වේ දිව්‍ය, බ්‍රහ්ම සතර අපාය සමග සසඳලා. ඉහත ලෝකවල ආයුෂ බලන විට මනුෂ්‍යයාගේ ආයුෂ හරිම අල්පයි. මේ මොහොතේ ලෝකයේ දියුණු අති නවීන විද්‍යාගාරවල විද්‍යාඥයින් බොහෝම වෙහෙසෙනවා මනුෂ්‍යයාගේ ආයු කාලය වැඩිකර ගැනීමට ක්‍රමවේදයක් සොයාගැනීමට වැඩිපුර වසර පහක් දහයක් මනුෂ්‍ය ආයුෂ වැඩිකර දෙන්න. එහෙත් අවාසනාව කියන්නේ මේ විද්‍යාඥයින්ට සිතාගන්නවත් බැරි විදිහට ළමා, තරුණ, වැඩිහිටි මනුෂ්‍යයන් සිය ගණනින්, දසදහස් ගණනින් මාරන්තික රෝග, ස්‌වාභාවික විපත් වරින් වර මතුවෙමින් අසරණ ලෙස මරාදමනවා.
මේ වරින් වර මතුවෙන ස්‌වාභාවික විපත් වසංගත රෝග හමුවේ ඉහත විද්‍යාඥයින් හරිම අසරණයි. මේ අසරණභාවයට ඔවුන් පත්වෙන්නේ පතපොතේ දැනුමෙන් සියල්ල දැනගත්තත් ධර්මය නොදකින නිසාමය.මේ අයගේ ඇති අවිද්‍යාවේ පුළුල් දැනීම් සම්භාරය නිසා හිතනවා මනුෂ්‍යයෙක් යනුá ජීවවිද්‍යාත්මකව ඇතිවුන සත්වයෙක් පමණක්‌ය කියලා. ඉන් එහා කර්මයක්, කර්මඵලය ගැන, හේතුඵල ධර්මයක් ගැන ඒ අයට දැනුමක් නැහැ. ඒ නිසා මේ අය නිරතුරුවම උත්සාහගන්නවා තමා උපාදානය කරගත් තම දැනුම උපයෝගිකරගෙන ඇතිකරගත් මමත්වයේ දැඩිභාවය නිසාම මිනිහාගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පාලනය කරන්න. මේ උත්සාහය නිරර්ථක උත්සාහයක්.
හැබැයි මනුෂ්‍යයින් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන්. මන්ද, සතර අපායේ සත්වයා විඳින දුක, වේදනාව, කටුක බව සමග සසඳා බලන කොට මනුෂ්‍යයා යනු සැපවිඳින පිරිසක්‌මය. අනාථ කඳවුරක කැඳ උගුරක් පමණක් ලැබී ජීවත් වන මනුෂ්‍යයාද විඳින්නේ සැපයක්‌මය. අවිද්‍යාවේ ක්‍රමවේදයන් විසින් පුහුණුකරන ලද ඉහත විද්‍යාඥයින් ආචාර්ය, මහාචාර්ය මහත්වරුන් සත්වයා සතර අපායේ විඳින දුක් වේදනා දකින්නේ නම්, අවිද්‍යාව නිසා සතර අපායේ තමා උපදින බව දන්නේ නම් ඔය පර්යේෂණ සියල්ල නවතා දමා සතර අපායෙන් මිදීමේ ආර්ය පර්යේෂණයේ යෙදෙනවා නියතය.
භික්‍ෂුව ඉහත සටහන් කළේ පසුගිය වස් කාලයේදී භික්‍ෂුව වැඩ සිටිය රුහුණු ප්‍රදේශයේ කැලෑබද ආරණ්‍යය භූමියේදී භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේත සන්නිපාතයක් ගැන ඔබව දැනුවත් කිරීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදීම වැඩිම ප්‍රේතයින් ප්‍රමාණයක් දර්ශනය වුන කාලය මෙයයි. මෙය කෙටි මනුෂ්‍ය ජීවිතය තුළින් ලබන ප්‍රේත ජීවිතයේ දීර්ඝ බව කියන කථාවක්. භික්‍ෂුව සමාධියෙන් පසුවන විට ප්‍රේතයින් සියය, දෙසියය දර්ශනය වුනා. මේ සෑම ප්‍රේතයෙක්‌ම ඉතාමත් විකෘති ප්‍රේතයින්. එක්‌කෙනකුට එක්‌කෙනෙක් විකෘතියි. විකෘති මුහුණු, විකෘති හිස් ප්‍රේත ලෝකයේ අත්විඳින ආදීනවයන්ගේ විවිධත්වය හොඳින් දකින්න පුළුවන්. මේ හැම ප්‍රේතයෙක්‌ම උඩු කයට ඇඳුමක් නැතිවයි සිටියේ. යටි කය වසාගෙන සිටියෙත් කෙටි සරොම් කැබැල්ලකින්. පිනක් දහමක්. දැකල, ලැබිල, නැති එවැනි සංඥා නුහුරු ඒ නිසාම අනන්ත දුක්‌විඳින විකෘති, අවිචාරවත් ප්‍රේත සන්නිපාතයක්. මේ ප්‍රේතයන්ගේ පිං මද අසරණභාවය දැකලා මේ අය අරමුණු කරලා පිං අනුමෝදන් කළා.